ලංකාවට ලැබෙන ලොකයේ විශාලතම එන්නත් නිශ්පාදයකගේ කොවිශිඩ් එන්නත ගැන දැගත යුතු කරුණු


0

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත් කාණ්ඩයේ පළමු තොගය ජනවාරි 27 වනදා ශ්‍රි ලංකාවට ලැබීමට නියමිත බව පැවසෙනවා.පළමු එන්නත තොගය සමඟ ශ්‍රී ලංකාවට මාත්‍රා කුප්පි 600,000 ක් ලැබෙනු ඇත.කළුතර හි පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ කොරොනා වයිරස් රෝගයේ මුල් පෙළේ සිටින වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය අංශ සේවකයින් සඳහා මෙම එන්නත ලබාදෙන බවයි.

මේ අතර, කොරොනා එන්නත් කිරීමේ අත්හදා බැලීම් සැසියක් සෙනසුරාදා ශ්‍රී ලංකාවේදී සිදු කෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත හදිසි භාවිතය සඳහා නියාමන අනුමැතිය ශ්‍රී ලංකා රජය විසින් පසුගිය සිකුරාදා ලබාදෙන ලදි.ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ, COVISHIELD එන්නත් හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී ඇති බව ශ්‍රී ලංකා රජය විසින් දැනුම් දුන් බවයි.

ඉන්දියාව ලොකයේ එන්නත් අවශ්‍යතාවයෙන් සියට 60 ක ප්‍රමාණයක් නිශ්පාදනය කිරිම සිදුකරයි.ඉන්දියාව තුල එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් එන්නත නම් දෙකකින් නිශ්පාදනය කරයි.Covaxin යන නමින් බාරත බයෝටෙක් සමාගමද Covishield යන නමින් සේරම් ආයතනයද නිශ්පාදනය කරයි.ලොකයේ විශාලම එන්නත් නිශ්පාදකයා වන්නේ සේරම් ආයතනයයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk