ඩුබායි හි ලොව උසම කුළුණ වන Burj Khalifa එහි මුහුණතෙහි එක් පැත්තක (ඩුබායි නගරයේ බර්ජ් විලට මුහුණලා) අලුත් අවුරුදු සහ ජාතික දින වැනි අවස්ථාවන්හි දෛනික සංදර්ශන මෙන්ම විශේෂ සංදර්ශන ද පවත්වයි. මේ සදහා Burj Khalifa මුහුණතෙහි ඇති ඩිජිටල් තිරයේ මවනා රුප අධීක්‍ෂණය කරමින් කාර්මික ශිල්පීන්ගෙන් පිරුණු විශාල මෙහෙයුම් කාමරයක් පවති.
Laser lights and the world’s tallest tower, that’s all the makings of a memorable start to the New Year! Visit us from Wednesday to Sunday starting at 7:45, 8:15 and 9:45 pm to enjoy the show. #BurjKhalifa pic.twitter.com/0KPiRtO3RU
— Burj Khalifa (@BurjKhalifa) January 1, 2022
ගොඩ නැගිල්ලේ මුහුනතේ රූප පෙන්වන්නේ ඩිජිඩල් එල්සීඩි වන් තිරවලින් නොව ඉතා සරල LED බල්බ වලින් සමන්විත ඇරේ වලිනි. මෙහෙයුම් පාලනය කරනා පරිගණකයෙන් අදලා බල්බ් වලට අවශ්‍ය වර්ණය පිලිබද දත්ත යවන අතර ආදාල වර්ණය එවිට කුලුනේ පෙන්වනු ලබයි . දුර සිට එකට බැලූ විට, මිලියන 1.2 විදුලි පහන් ලැප්ටොප් පරිගණකයේ විධානයන්ට අනුව සංයුක්ත රූපයක් සාදයි, මුහුණත තිරයක් බවට පත් කරයි.
මේ අනුව Burj Khalifa යනු ලොව විශාලතම LED තිරයද වන අතර කුඩා LED විදුලි පහන් කුළුණේ ජනේල දෙපස, තුනී ප්ලාස්ටික් තීරු මත දිව යයි. පික්සල් මිලියන 1.2 ක් මවා පානා විදුලි බුලු එක දිගට තැබුවහොත් කිලෝමිටර් 33 ක් දිග LED තීරුවක් සැදිය හැකි බව සදහන් වනවා. පැයක සංදර්ශනයක් සදහා කිලෝවොට් 790 ක් අවශ්‍ය වන අතර මෙම කුලුනේ දර්ශන පෙන්විම ඩුබායි හී සංචාරක කර්මාන්තය දියුනු විමටද ඉතාම ඉවහල් වී ඇත. ලොව පුරා සිටිනා බිලියන පතියන් තම ව්‍යාපාර ප්‍රවර්ධනයට මෙන්ම තම ආදරනියන්ගේ සැමරුම් සදහා මෙම කුලුනේ තිරය යොදාගෙන විවිද පනිවිඩ පෙන්වයි.