ලෝකය බේරගනී යැයි විශ්වාස කරනා ෆයිසර් / බයෝ එන්ටෙක් එන්නතේ යොදාගන්නේ නවතම තාක්ශණයක් බව ප්‍රකාශාවේ


0

විද්‍යාඥයින් වන උගුර් සහින් සහ ඔස්ලෙම් ටුරෙසි පිලිකාවන් සහ බෝවන රෝග සඳහා ඖශධ නිශ්පාදනයට තම ජීවිතය කැප කර ඇති විද්‍යාඥ්ඥයින් යුවලක් වනවා ඔවුන් පිළිකා සඳහා පුද්ගලාරෝපිත ප්‍රතිශක්ති චිකිත්සක ප්‍රතිකාර සඳහා පුරෝගාමීව වසර ගණනාවක් ගත කළ තිබෙනවා.

කොරෝනා වයිරස් වසංගතය මධ්‍යයේ, යුවළ විසින් නවීකරණය කරන ලද ජාන කේත ක්ෂේත්‍රයේ සිදුකරන ලද පර්යේෂණ මගින්,ලොව ප්‍රථම ලදායී කොරෝනා වයිරස් එන්නත පිටුපස ඇති මොළය ලෙස ඔවුන් මහජන අවධානයට යොමු වී තිබේ .

55 හැවිරිදි සහින් සහ 53 හැවිරිදි ටුරෙසි මධ්‍යම ජර්මානු නගරයක් වන මේන්ස් හි 2008 දී බයෝ එන්ටෙක් ආරම්භ කළහ. සඳුදා සමාගමේ හවුල්කරු වන එක්සත් ජනපද ඖෂධ දැවැන්තයා වන ෆයිසර් සමාගම කියා සිටියේ ස්වේච්ඡා සේවකයන් යොදගෙන සිදුකරන ලද ආසාදනය වීම වැළැක්වීමේ පර්‍යේශන වලදි ඔවුන්ගේ අපේක්ෂක එන්නත 90% කට වඩා ඵලදායී වූ බවයි.

එන්නත ලබා ගන්නා පුද්ගලයින් තුළ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කිරීම සඳහා මෙසෙන්ජර් ආර්එන්ඒ නොහොත් එම්ආර්එන්ඒ නමින් පෙර කිසි විටෙකත් අනුගණය නොකළ තාක්‍ෂණය භාවිතා කරයි.අඟහරුවාදා වාර්තාකරුවන් සමඟ කළ ඇමතුමකදී සහින් ප්‍රවෘත්තියේ වැදගත්කම පැහැදිලි කළ අතර ලෝකයට බලාපොරොත්තුවේ පණිවිඩයක් යැවීය.

“මම හිතන්නේ මිනිස් සංහතියට හොඳ පණිවුඩයක් වන්නේ එන්නතකින් කොරෝනා ආසාදන සැබවින්ම වළක්වා ගත හැකි බව අප දැන් තේරුම් ගෙන ඇති බවයි.”මේ පිලිබඳ අදහස් දැක්වූ ෆයිසර් ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලා එය හැඳින්වූයේ පසුගිය වසර 100 තුළ සිදු වූ විශාලතම වෛද්‍ය දියුණුව ලෙසයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk