වසර 19 න් අගහරු වෙත යාමට සූදානම් වන සුරුපි ඇලිස්සා කර්සර්


3

ඇලිස්සාට වයස අවුරුදු තුනක සිට ගගනගාමියෙකු වීමේ සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය විය. ඇලිස්සා වසර 7 බැටන් රූජ් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන අතර එහිදී ඇය සියළුම විෂයයන් විවිධ භාෂා 4 කින් හදාරයි.

වයස අවුරුදු 16 දී, කාර්සන් උසස් අභ්‍යවකාශ ඇකඩමියෙන් උපාධිය ලබාගත් ලාබාලම පුද්ගලයා බවට පත්විය. නාසා හි අභ්‍යවකාශ කඳවුරු හත සම්පූර්ණ කළ පළමු පුද්ගලයා සහ ව්‍යවහාරික ගගනගාමීන් පිළිබඳ සහතිකය ලබා ගත්තේය.

Codename Blueberry — o (Photo: NASA Blueberry)

2030 වන විට නාසා ආයතනය රතු ග්‍රහලෝකයට මෙහෙයුමක් දියත් කිරීමේ සැලසුම් ප්‍රකාශයට පත් කර ඇත . අඟහරු අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ අපට ආසන්නයෙන්ම පවතින බැවින් එය මිනිස් ගවේෂණය සඳහා පැහැදිලි ඉලක්කයකි.

කාර්සන් වයස අවුරුදු 29 වන විට කිලෝමීටර් මිලියන 40 ගෙවා අගහරුවෙත ගමන් ගැනිමට සුදානමින් සිටියි.මේ ගැන අදහස් දක්වන කාර්සන් පවසන්නේ “අභ්‍යවකාශයේ ඇති විකිරණ මට්ටම් මා බිය නොවන්නේ මා ඒ ගැන බොහෝ කාලයක් තිස්සේ ඉගෙන ගෙන ඇති නිසාත් එය මේ මොහොතේ සම්මතයක් වී ඇති නිසාත්” යැයි කාර්සන් පැවසීය. 

ඇලිස්ස අගහරු සඳහා ලගාවීමට කිලෝමිටර් මිලියන 40 ක් ගෙවා දැමීමට සූදානම් වෙයි (Photo: NASA Blueberry)

අභ්‍යවකාශයට යන කිසිදු මෙහෙයුමක් මෙතෙක් සියයට සියයක්ම ආරක්ෂිත නොවූ හෙයින් යමක් වැරදියි යන බිය සෑම විටම පවතී. නමුත් මම නිසැකවම විශ්වාස කරන්නේ අඟහරු වෙත මෙහෙයුමක් සහ එයින් අපට ලබා ගත හැකි සියලු ප්‍රතිලාභ ඕනෑම අවදානමකට වඩා වැඩි බවයි. ”


Like it? Share with your friends!

3

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk