ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකු වන පසින්දු හිරුෂාන් බරපතල තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.2018 දී පැවති උසස් පෙළ විභාගයෙන් 3 A සාමාර්ථයක් ලබා ගැනීමෙන් පසු පැසිඳු මහතා කළමනාකරණ හා වාණිජ පීඨයට යේ පළමු අධ්‍යයන වර්ෂය සඳහා 2020 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ මාර්තු 05 වන දින රාත්‍රියේ ජයවර්ධන පුර සරසවි පරිශ්‍රයේදී පසිදු සහ ඔහුගේ පළමු වසරේ සගයන් එක්රැස් කිරීම නවක වදය ජේශ්ඨ සිසුන් දෙන අවස්තාවේදියි.
මාර්තු 06 වනදා පාන්දර, ජ්‍යෙෂ්ඨ සිසුන් පළමු වසරේ සිසුන් පැවිලියන් එකෙහි පඩිපෙලිවලින් පහලට බස්සා පසු පඩිපෙළේ ට්‍රැක්ටර් ටයරයක් පෙරළා තිබේ. ටයරය පසින්දුගේ හිසේ ගැටි ඇති අතර එය එම නිසා පසිදු ක්ශණික ව සිහිසුන්වී ඇත.
මේ වන විට පැසිඳු කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඔහුගේ හිස් කබල බිඳී ඇති අතර එමගින් මොළයට හානි සිදුවී ඇති බව වාර්තා වේ. පැය 7 ක සැත්කමකින් පසු පැසිඳු තවමත් සිහිසුන්ව සිටී.