රට තුළ අනාවරණය වූ කොරෝනා වයිරස් රෝගීන් සංඛ්‍යාව 210 දක්වා ඉහළ ගොස් තිබේ.ඊයේ පස්වරුවේ තවත් ආසාදිත පුද්ගලයින් හත් දෙනෙකු හමුවිය.
ගුවන්තොටුපල පිරිසිදු කිරීමේ ඒකකයේ සේවය කරන්නෙක් ගේ සමීපතයෙක්, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙදියක්, ජා ඇල සුදුවැල්ලේ පුද්ගලයෙක්, නැගෙනහිර පළාතේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් තිදෙනෙකු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයෙකු නව කොරෝනා වෛරසය අසාධිතයන් ලෙස හඳුනාගෙන තිබේ.
ඔවුන් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් 5 දෙනෙකු ද විය.සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම පුද්ගලයින් නිරෝධායනයකට භාජනය වෙමින් ඇති බවයි.
තවත් රෝගීන් 147 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබති.කොරෝනා වයිරස් ආසාදනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ හත් දෙනෙකු මිය ගියහ.
මේ අතර, ජා-ඇල හි සුදු වැල්ල ප්‍රදේශයේ සිට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 28 දෙනා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ තවත් 52 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මේ අතර, රාගම සහ වැලිසර රෝහල්වල සෞඛ්‍ය සේවකයින් 27 දෙනෙකු මන්නාරමේ මුලන්කාවිල් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදී.