බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව දෙවැනි විස්සයි 20 තරගාවලියේදී කුසල් පෙරේරා පන්දු රැකීමේදී ඔහුගේ වම් මාපටැඟිල්ලට තුවාල වීම නිසා , මාර්තු 19 වනදා සිට පැවැත්වෙන එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් සඳහා තරඟ නොකරනු ඇති බව වර්ථවනවා.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීම සඳහා ලහිරු තිරිමාන්න ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර ඇති ඒ වෙනුවට, ඇඟිල්ලේ ආබාධයක් ඇති වූවත් කුසල් පෙරේරා ඔහුගේ ස්ථානයට ඇතුළත් කර තිබේ.
වනිදු හසරංග මීට පෙර ශ්‍රි ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කර නැති අතර එය වනිදු, ශ්‍රී ලංකාවේ වඩාත් ආකර්ෂණීය තරුණ දක්ෂතා වලින් පිරි ක්‍රිඩකයෙකු බව මෑතදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවති සීමිත ඕවර තරගාවලියේදී පන්දුව හා පිතිකරණයෙන් ඔහු පෙන්වා ඇත.
මේ වන විටත් විශේෂඥ්ඥ පන්දු යවන්නන් තිදෙනෙකු සංචිතයේ සිටියි. පිටි දඟ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා, වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සහ ලක්ෂාන් සඳකාන් යන ක්‍රීඩකයින් 15 දෙනා අතර සිටිති.එමෙන්ම වේග පන්දු යවන්නන් ලෙස ක්‍රිඩකයන් සිව්දෙනෙක් සිටිති: සුරංග ලක්මාල්, ලහිරු කුමාර, කසුන් රාජිත සහ වමතින් පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු.