ශ්‍රි ලංකා හිටපු සුපිරි ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් හදවත ආශ්‍රිත තත්වයක් හේතුවෙන් චෙන්නයි නුවර රෝහල් ගත කල බව ප්‍රකාශවේ


0

දැනට පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් වන මුත්තයියා මුරලිදරන් චෙන්නායි නුවර රෝහලක ඇන්ජියෝප්ලාස්ටි සැත්කමකය ලක් කර තිබේ. 49 හැවිරිදි ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 1347 ක් ලබාගත් ප්‍රමුඛ පෙළේ කඩුලු ලාභියා වේ.

මුරලිදරන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 133 ක්, එක්දින තරග 350 ක් සහ විස්සයි විස්ස තරග 12 ක් නියෝජනය කළේය. අයි.පී.එල් ආරංචි මාර්ග වලට අනුව එම පරික්ශාව සැලසුම් සහගත ක්‍රියා පටිපාටියක් වූ අතර මුරලි මේ වන විට සුවෙන් සිටින බව පැවසේ. “මාර්තු අග වන විට අවහිරතාවයක් අනාවරණය විය. එබැවින් එය (ඇන්ජියෝප්ලාස්ටි) සිදු කළ යුතුව තිබූ සාමාන්‍ය ක්‍රියා පටිපාටියකි. ඔහු හොඳින් සිටීයි” යැයි පැවසීය.

ඔහු දිගම ආකෘතියෙන් කඩුලු 800 ක්, එක්දින තරග 534 ක් සහ විස්සයි 20 තරග 13 ක් ලබා ගත්තේය. ඔහු 1996 දී ශ්‍රී ලංකාවේ එක්දින ලෝක කුසලාන ජයග්‍රහණයේ කොටසක් ද විය.ඔහු 2015 සිට සන්රයිසස් හයිද්‍රාබාද් හි පන්දු යැවීමේ පුහුණුකරු සහ උපදේශකයා ලෙස කටයුතු කර ඇත.මෙම වාරයේදී ඔහුගේ කණ්ඩායම අඛණ්ඩව පරාජයන් 3 ක් අත්විඳ ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk