චිත්‍රපට නිෂ්පාදක මහේෂ් භට් පිලිබද කතාබහක් ට්විටර් වෙබ් අඩවියේ ඇතිවි තිබෙනවා ඒ ඔහු නිළියක වන රියා චක්‍රවර්ති අතර ඇතිවූැයි කියන වට්ස්ඇප් සංවාදයක තිරපිටපත් ලික් විම සමගයි.
ප්‍රවීණ සිනමාකරුවා ඉලක්ක කර ගනිමින් ට්විටර් පණිවිඩ හා විහිලු වලින් පිරී ඇති අතර, ඔහු වැනි පුද්ගලයින්ට ගෞරවය ලැබීමට සුදුසු නැති බව ප්‍රෙක්ශකයන් කියා සිටීනවා
මේ වන විට ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවිය හරහා සයිබර් හිරිහැරයට ගොදුරු වූ බවට පූජා භට් පැමිණිලි කර තිබේනවා.ඉන්පසු ඇය ගිණුම පෞද්ගලික කර ඇති බව සදහන් වනවා.
සුෂාන්ත් සිං ගේ සිදුවිම වූ දා සිට, භට් පවුලට ජනතවාගේ කෝපයට මුහුණ දීමට සිදුවිය. විශේෂයෙන් නැසීගිය නළුවාගේ පෙම්වතිය රියා චක්‍රවර්ති චිත්‍රපට නිෂ්පාදක මහේෂ් භට් සමඟ ඇති සමීප සම්බන්ධතාවය නිසාය. ඔහුගේ දියණියන් වන පූජා සහ ආලියා භට් ද සමාජ මාධ්‍යවල ට්‍රෝලර් වෙමින් පවතී.
පූජා භට්ගේ නැවත පැමිණීමේ චිත්‍රපටය වන සදාක් 2 ද ජුනි මාසයේ දී සුෂාන්ත්ගේ අකල් වියෝවෙන් පසු භට් පවුලේ ඥාති සංග්‍රහයක් බවට පවසමින් බොලිව්ඩ් ප්‍රේක්ශයන්ගේ දෝශ දර්ශනයට ලක්ව තිබේ. සාඩක් 2 මහේෂ් භට්ගේ දියණියන් දෙදෙනා – ආලියා සහ පූජා භට් සමඟ සංජේ දත් සහ ආදිත්‍ය රෝයි කපූර් ද රංගනයෙන් දායක වේ. චිත්‍රපටයේ ට්‍රේලරය ලොව වඩාත්ම අකමැති වීඩියෝ තුනෙන් එකක් බවට පත්විය.