ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හාඩික් පාණ්ඩ්‍යා සිය සර්බියාවේ පෙම්වතිය වන නටාෂා ස්ටැන්කොවිච් සමඟ විවාහ ගිවිසගෙන තිබේ. හාඩික් නටාෂා සමඟ බොහෝ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පසුගිය කාලයේ බෙදා ගත්තේය.
ඔහු විවාහ ගිවිස ගත් පුවත පාඨකයනිට දැන්වූයේ නටාෂා සමඟ විවාහ ගිවිස ගැනීමේ මුදුවක් සමඟ සිටිමිනි.

පාණ්ඩ්යා ඔක්තෝම්බර් මාසයේදී ලන්ඩනයේ රෝහලක ශරීරයේ පසුපස ශල්‍යකර්මයකට භාජනය වූ අතර ටික කලක් විවේක ගත්තේය.
‘නව වසර ආරම්භ වන්නේ ගිනිකෙළි වලින්’ යන ශීර්ෂ පාඨය ලියූ ඔහු පසුව මෙම ඡායාරූප බෙදාහදා ගැනීම රසිකයින්ට කතා බහක් ඇති කර තිබේ.

26 හැවිරිදි ඔහු කොඳු ඇට පෙළේ ආබාධයකින් සුවය ලබා ඇති අතර බංග්ලාදේශයට හා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව විස්සයි 20 ජාත්‍යන්තර (විස්සයි 20) සහ එක්දින ජාත්‍යන්තර තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
ශ්‍රී ලංකාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ස්වදේශික තරගාවලිය ද හර්දික් හට මග හැරෙනු ඇති නමුත් නවසීලන්ත සංචාරය සඳහා ඉන්දියානු ඒ සංචිතයට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය (බීසීසීඅයි) ඔහුව නම් කර තිබේනවා