ළමුන් සදහා කොරොනා එන්නත අතහදා බැලිම් ඇමරිකාවේ ජොන්ස්සන් ඇන් ජොන්සන් ලඟදිම ආරම්භ කරන බව ප්‍රකාශවේ


0

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වයස අවුරුදු 12 ත් 18 ත් අතර තරුණ තරුණියන් සඳහා සිය අත්හදා බැලීමේ සිදුකරන කොරෝනා එන්නත හැකි ඉක්මනින් පරීක්ෂා කිරීමට සැලසුම් කර ඇති අතර, ළමුන් සඳහා සාර්ථකව භාවිතා කරන එන්නතක් පිලිබඳ තාක්‍ෂණය දියුනු කිරීමට එම සමගමේ ළමා නිශ්පාදන පිලිබඳ ඇති ඉතිහාසය සහ අත් දැකිම් උදව් විය හැක.

“අපට හැකි ඉක්මනින් ළමුන් සදහා පර්‍යේශන ගෙන යාමට අපි සැලසුම් කර ඇත්තෙමු, නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා පරිස්සමින් ක්‍රියා කිරිම සිදුකරනවා” යැයි ජේ ඇන්ඩ් ජේ හි වෛද්‍ය ජෙරී සාඩොෆ් එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) හි ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුවේ රැස්වීමකට පැවසීය.

ආරක්ෂාව සහ වෙනත් සාධක මත පදනම්ව, පසුව කුඩා දරුවන් තුළ පවා පරීක්ෂා කිරීමට සමාගම සැලසුම් කර ඇති බව ජේ ඇන්ඩ් ජේ හි ජැන්සන් ඒකකයේ එන්නත් පර්යේෂණ විද්‍යාඥ් යෙකු වන සාඩොෆ් පවසයි.ජේ ඇන්ඩ් ජේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ළමා ජනගහනය එහි අත්හදා බැලීම්වලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දැනට නියාමකයින් සහ හවුල්කරුවන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

ප්‍රතිවාදී ඖෂධ නිෂ්පාදක ෆයිසර් සමාගම දැනටමත් ජර්මනියේ බයෝ එන්ටෙක් සමඟ සංවර්ධනය කරන කොරෝනා එන්නත වයස අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත. ඔවුන්ගේ එන්නත මැසෙන්ජර් ආර්එන්ඒ (එම්ආර්එන්ඒ) භාවිතා කරයි.තාක්ෂණයේ ආරක්ෂාව පිළිබඳ ඉතිහාසය නියාමකයින්ට වැදගත් විය යුතු බව සින්සිනාටි ළමා රෝහලේ බෝවන රෝග අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පෝල් ස්පියර්මන් මහතා පැවසීය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk