ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාව අයත ක්ෘස් සමාගම සමඟ සමීප සම්බන්ධීකරණයක් පවත්වන බව විදේශ අමාත්‍යශය පවසනවා .
කාර්ය මණ්ඩල සාමාජිකයින් වන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා සෞඛ්‍ය සම්පන්නව සිටින බවත්, ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ නැදැයන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන බවත් තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.
මේ වන විට පුද්ගලයින් 454 දෙනෙකු මෙම නෞකාවේ කොරොන වයිරස් ආසාදනය වී ඇති අතර ජපානයේ කනගාවා ප්‍රාන්තයේ රෝහල්වල ප්‍රතිකාර ලබති.
පෙබරවාරි 19 සහ 20 වන විට මගීන් ගොඩබැස්සවීම සඳහා ක්ෘස් සමාගමට දින 14 නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමට අවශ්‍ය වනු ඇත. කෙසේ වෙතත් කාර්ය මණ්ඩල සාමාජිකයින් අවශ්‍යතාවය අනුව තවත් කාල සීමාවක් නිරෝධායනය කරනු ලැබේ